Subscribe For Free Updates!

We'll not spam mate! We promise.

Showing posts with label Other. Show all posts
Showing posts with label Other. Show all posts

Wednesday, September 30, 2015

සැම්සුන්ග් සමාගම ගැන ඔබ නොදත් දේ?????????/

Samsung ගැන නොදත් දේ…
Smart Phone සහ Phone එකක් තනිවම නිෂ්පාදනය කරගත හැකි ලොව එකම සමගම වන්නේ Samsung සමාගමයි.
Smart Phone සහ Phone එකක් තනිවම නිෂ්පාදනය කරගත හැකි ලොව එකම සමගම වන්නේ Samsung සමාගමයි. මන්ද ලෝකයේ Super Amoled වර්ගයේ Screen නිෂ්පාදනයේ ප්‍රමුකයන් වන්නේ Samsung සමාගමයි. Phone වල Storage වලට භාවිතා කරන NAND Flash Chip නිෂ්පාදනය කරන ප්‍රධාන සමාගමක් Samsung කියන්නේ.
ඒ විතරක් නෙමේ Apple iPhone හි A7, A8 Processor එක Build කරන්නේ Samsung සමගම විසිනි. තව iPhone හා iPad වල භාවිතා වෙන Display ද බොහොමයක් නිෂ්පාදනය කරන්නේ Samsung සමගම විසින්.
HTC දුරකථන වල භාවිතා වෙන Super LCD 3 නිෂ්පාදනය කරන්නේ Samsung ලට අයිති සමාගමක් වන S-LCD Corporation හිදී ය.
HTC S-LCD Display Made By Samsung
මේ අතින් ලෝකයේ ලොකුම Semi - Conductor සමගම වන්නේ Samsung ය. මීට අමතරව Samsung Smartphone වල භාවිතා වෙන Exynos වර්ගයේ Processor නිෂ්පාදනය කරන්නේ ද Samsung සමගම විසින් ය.
Apple iPhone වල අඩංගු වල 40% ක කොටස් නිෂ්පාදනය කරන්නේ Samsung සමගම විසින් ය.



Monday, September 14, 2015

මොකකද මේ bootloader කියන්නෙ

Bootoader කියන්නේ මොකද්ද ?
ඕගොල්ලෝ ඇන්ඩ්‍රොයිඩ් ලෝකෙට ආපු ගමන් ම එක එක අමුතු වචන අපිට දැනගන්න ලැබෙනවා. සමහර වචන අපි මීට කලින් පරිගණක භාවිතයේ දී එහෙම යොදාගත්තේ නැති වචන පවා ඇන්ඩ්‍රොයිඩ් වලදී භාවිත වෙනවා. රූට් කරනවා කියයි, කස්ටම් රොම් එකක් ෆ්ලෑශ් කරා කියයි ආය තව කවුරුහරි කියයි බූට් ලෝඩර් එක අන්ලොක් කරා කියලා. අද අපි කතා කරන්න යන්නේ ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් වල තියන බූට් ලෝඩර් එක ගැන.

S4, Note3, S4 mini, S3 mini, S3 බාල Copy/Replica හැමතැනම, එසේනම් කල යුත්තේ කුමක්ද...???

ඉතිහාසය...,

අනෙක් ඉලෙක්ට්‍රොනික් සමාගම් වගේ නෙවෙයි Samsung මුලින්ම ආරම්භ කලේ ඉලෙක්ට්‍රොනික් උපාංග නිෂ්පාදනයට නොවෙයි. Byung-Chull Lee විසින් 1938 සමාගම ආරම්භ කලේ දකුණු කොරියාවේ සෝල් (Seoul) අගනුවර. චීනයට එලවලු, පලතුරු හා මාලු අපනයනය කරන සමාගමක් විදියට තමයි ආරම්භ වෙන්නේ. 40 දශකයේ අගභාගය වන විට පිටි ඇඹරුම්හල් හා රසකැවිලි නිෂ්පාදන කර්මාන්තශාලා Samsung සමාගමසතුව තිබුණා. 1958 සිට 1970 දක්වා ඔවුන්ගේ වෙළෙඳ කටයුතු මුල්‍ය, මාධ්‍ය, රසායනද්‍රවය හා නැව් නිපදවීම දක්වා පුලුල් කරන ලදී.


1969 දි Samsung Electronics සමාගම ආරම්භ කලා. මුලින්ම රූපවාහිනි, ගුවන් විදුලි හා පරිගණක කොටස් නිෂ්පාදනය පටන් ගත්තා. 1983 දී තමන්ගේ ප්‍රථම දුරකතනය ලෙස කාර් රථ සඳහා සවිකල දුරකතනයක් නිපදවූවා. එය අසාර්ථක වූ නමුත් පසුව සිදුකල පර්යේෂණ වල ප්‍රතිඵලයක් ලෙස පළමු ජංගම දුරකතනය වු SH-100 1988 දි නිපදවනු ලැබුවා. එය කොරියාවේ නිපදවු පලමු ජංගම දුරකතනය බවට පත් වුණා. 1994 වන විට ඇමරිකානු සමාගමක් වනMotorola සමාගම විසින් නිපදවන දුරකතන වලට සමාන තාක්ෂණයක් සහිත දුරකතන නිපදවීමට සමත් වුනා.

SAMSUNG Original, Anycall, Chinese වෙනස

මම දැක්කා EK එකෙ ගොඩක් තැන්වල කට්ටිය SAMSUNG Original, Anycall, Chinese වෙනස මොකද්ද? අඳුනගන්නෙ කොහොමද කියල අහල තියෙනවා.. 
මම ඕවා ටිකක් අතපත ගාලා තියෙන හින්දා දන්න තරමින් විස්තරයක් මෙතන දාන්නම්, තව වැඩි විස්තර දන්න අය ඉන්නවනම් ඒවත් මෙතන දාන්න..


SAMSUNG Original version ගොඩක් එනවා.. International Version, US/Canada Version, Anycall version & Japan Version තමා මම දන්න ඒවා ටික..
උදාහරණයක් විදිහට Galaxy S2 ගත්තනම් මෙන්න මෙහෙමයි එක එක version වල model numbers එන්නෙ..

How to Access Hidden Menu on Korean Samsung Galaxy S3

1. Run dial -  press 319712358.
if you accurately press hidden menu will be open

2. Passwords:
                     SKT - 996412
                     KT - 774632
                     LG U+ - 0821

3. If a password is entered correctly, you will see the various menus.

Network Setting, Videocall Setting, SMS Setting ...etc

Network Setting can set multiple networks. (GSM, WCDMA , LTE (Lte for korea)

චීනයේ නිෂ්පාදිත උපාංග.....................!!


තාක්ෂණික උපාංගයක ගුණාත්මක තත්ත්වය හා එහි ප්රමිතිය තීරණය කරන සාධක කීපයකි. ප්රමිතිය තීරණය කිරීමට අදාල උපාංගයේ නිමාව, ක්රියාකාරිත්වය හා භාවිතාවේ පහසුව ප්රධාන වශයෙන් සලකා බැලෙන අතර එහි මිල හා එහි නිෂ්පාදිත රට/ සමාගම පිළිබඳව සුලබව සලකා බලයි.

Saturday, September 12, 2015

KERNEL එකක් කියන්නෙ මොක්ද්ද ???

හරි .. ආයෙත් ආවෙ Android ගැන දැනගන්න ආස අයට ගොඩක් දෙනා අහල තියෙන ඒත් වැඩියෙ නොදන්න දෙයක් කියල දෙන්න ...
ඒ පාර මේ යකා මොන හරුපයක් ගැන කියනවද කියල නේද කල්පනා කරන්නෙ .. මෙකයි ප්‍රස්නෙ...
මම ඔයගෙන් අහුවොත් .. KERNEL එකක් කියන්නෙ මොක්ද්ද කියල ???
කී දෙනෙක්ට පුළුවන්ද මට ඒක ගැන කියන්න ..මම අද ඔබතුමාලට ඔබතුමීලට ඒ ගැන කෙටියෙන් සරලව පැහැදිලි කරන්නයි යන්නෙ ...
දන්න අයට දිගටම පල්ලේහාට යාගෙන යාගෙන යන්න පුලුවන්.tongue emoticon

මෙතන ඉන්න කට්ටිය තමන්ගෙ ෆෝන් වලට හෝ ගාල ROM දානව ඇති .. දාල ඇති .. නිකමට ROM එක ZIP ෆයිල් එකක් හරි
TAR ෆයිල් එකක් හරි නම් double click කරල බලන්නකො .. ඔයාලට පෙනෙයි BOOT.IMG කියල එකක් බැබලි බැබලි .. tongue emoticon
අන්න ඒක තමයි මේක ...grin emoticon ඉතින් දැන් ඔයාල මගෙන් අහයි මෙහෙම ..

----KERNEL එකකින් වෙන්නෙ මොකක්ද??---
කියල ..හරි.. තේරෙන සින්හලෙන් i will tell you..tongue emoticon
kernel එක කියන්නෙ හරියට අපේ ගෙදර අම්ම වගේ ... අපි තත්තගෙන් අහන්න බය දේවල් අම්මට කිව්වම එයා ඒක තාත්තට කියල කරල දෙනව..හා නැද්ද? tongue emoticon
අන්න ඒ වගේ .. APPLICATION එකක් ෆෝන් එකේ HARDWARE වලට බලපෑමක් කරන්න යනවනම් ..APPLICATION එක ඒක කියන්නෙ KERNEL එකට .. එයා තමයි ඇල් වතුරට
උල් පිහියෙන් ඇන්න වගේ වැඩේ කරල දෙන්නෙ ..tongue emoticon
kernel එක නැත්තම් අපිට power button එක ඔබල ෆෝන් එක ඔන් කරගන්න බෑ .Brightness අඩු වැඩි කරන්න බෑ ..සද්දෙ අඩු වැඩි කරන්න බෑ ..ෆොටෝ එකක් ගන්න බෑ ..
කොටින්ම ඔය හැම එකම කරන්න අපිට Permission දෙන්නෙ Kernel එක ...තව input output device එක්ක අපිට ගනුදෙනු කරන්න පුලුවන් මේ kernel එක නිසා තමයි..
නැත්තම් අපි headset එක connect කලාට OS එක දන්නෙ නෑ මේ මොන මගුලක්ද ගැහුවෙ කියල ..grin emoticon තව kernel එකක් boot වෙද්දි එයා තමයි තීරනේ කරන්නෙ system,modem,tz වගේ
partitions ෆෝන් එකේ කොතෙන්ට කොතෙන්ටද දාන්න ඕනෙ කියල .. ඔයාල ෆෝන් එක ඔන් කරද්දි වැටෙන splash screen එකේදි .. (samsung galaxy siii i9300..LG first logo)
එකේ වගේ ..kernel එක කරන්නෙ ඒ වැඩේ ..

---දැන් ඕක කිව්ව කියල අපිට ගානක්වත් නෑනෙ,අපේ ෆෝන් සෝයි එකට වැඩනෙ ---
කියලත් ඔයාල කියයි ... tongue emoticon මේකනෙ ..ෆෝන් එක හදන ඈයො ඒක හදද්දි ඔයාලගෙ අතට එවන්නෙ ඒකෙ original processor speed එකෙන්ම නෙවෙයි..
පෝඩ්ඩක් විතර underclock ..ඒ කියන්නෙ .. නියමිත වේගයට වඩා අඩු වේගයකින් ප්‍රොසෙසරය පන ගැන්වෙන්න හදල.. ඇයි...බැට්රි ආයු කාලය වැඩි වෙන්න.. යම් තාක් දුරකට
ඒක බලපානව ..ඔයත් මම වගේ කෙනෙක් නම් .. ඔයාට් ඔනෙ වෙනව ෆෝන් එකෙන් උපරිම ඵල නෙලාගන්න.. ඒ කියන්නෙ දූ...වගෙන ගිහින් වත්ත පිටිපස්සෙ අඹ ගහට ෆෝන් එකෙන් ගහන්න කියල නෙවෙයි ..wink emoticon
ඵල නෙලාගන්නෙ මෙහෙමයි ..

---CUSTOM KERNEL---
මේ වගෙ වෙලාවට තමයි අපිට මේව වැදගත් වෙන්නෙ .. stock kernel එකින් කරන්න බැරි custom kernel එකකින් කරන්න පුලුවන් වැඩ ටිකක් මම කියන්නම් ...
මේක kernel එකින් එකට වෙනස් වෙනව ...

1.ෆෝන් එක OVERCLOCK කරන්න ..(ෆෝන් එකේ speed එක 1.7 quad core නම් අපිට support කරන kernel එකක් මගින් මේක 2.0ghz වගේ වෙනකල් වැඩි
කර ගත්තැකි .)
2.speaker volume යම් තාක් දුරකට වැඩි කරගත්තකි ..
3.GPU එක වැඩි කරගත්තැකි ..
4. බැට්‍රිය ඉතුරු කරගත්තැකි .. (ඕනෙ වෙලාවට overclock කරල backlight එක off වුනාම underclock වෙන්න හදනව .. simple plan එකක් )
5. double tap to wake.. set speed for each core වගේ kernel එක support නම් ..කරගත්තැකි ..
වැඩේ නරක නෑනේ නෙහ් ...

kernel එකක මේ වැඩ ටික control කරන්න අපිට app එකක් ඕනෙ .. ගොඩක් kernel අපි cwm එකෙන් flash කලාම ඒකත් එක්කම app එකක් එනව ..
ඒකෙන් අපිට මේ kernel එකෙන් කරන වැඩ ටික බලාගත්තැකි ..නැත්තම් playstore එකේ kernel control apps තියෙනව ..smile emoticon

--එතකොට ආවාසි?---
1. වැරදි kernel එකක් flash කලොත් ෆෝන් එක අර ඉස්සෙල්ල කිව්ව splash screen එකෙන් එහාට යන්නෙ නැති වෙයි.. මොකද system එක තියෙන්න් මොන partition
එකේද කියල එයා පැටලිලා හින්ද ..
2. brick වෙයි ..
3.bluetooth wifi speaker වගේ ඒව වැඩ කරන්නෙ නැතුව යයි ..

මේ ටික තමයි kernel එකක් ගැන සරලව කිව්වොත් ... තමන්ගෙ device එකට , android version එකට ගැලපෙන custom kernel එකක් හොයල දාගත්තොත්
සෑහෙන වැඩක් කරගන්න පුලුවන්..

මම යටින් custom kernels කීපයක් දාන්නම් .. කියවල බලල ..හොඳට තේරුම් අරන් හොඳනම් flash කරල බලන්න .. නොදන්න දේයක් නම් නොකර ඉන්න එක හොඳයි මොකද මම මේ kernel try කරල නෑ ..
ඒක තියෙන්නෙ ඔයාලගෙ අතේ ..
එහෙනම් අදට ටටා බායි චෙරියෝ විස්කෝතුයි..
S2-APOLO KERNEL -GTI9100-SHWM250-4.1.2 TO 5.X.X http://forum.xda-developers.com/…/developme…/kernel-t2291756
S3-ARTER97 KERNEL FOR I9300 M440 E210SKL KITKAT -http://forum.xda-developers.com/galaxy-s3/development/arter97-kernel-galaxy-s3-t2749849
S4-IMPERIUM KERNEL I9500 LOLLIPOP-http://forum.xda-developers.com/galaxy-s4/i9505-develop/kernel-imperium-ll-kernel-v1-0-t3058867
Source- XDA,Google,Youtube,Brain

Sony Xperia U Custom Rom

Features:

-Z2 themed framework
-Z2 animations
-Z2 walkman, movies and album.
-Z2 themed settings
-Z2 wallpapers
-Z2 home
-Z2 sounds
-Z2 bootanimation
-Z2 audio recorder
-Z2 calculator, keyboard, notes, calender, clock...
-Z2 icons in some system apps
-Socialife by Sony


කොරියන් ෆෝන් වල කෝල් ඩ්‍රොප් වෙන අව්ල හදමු

ලංකාවේ ගොඩක් අය කොරියාවේ නිෂ්පාදිත ඔර්ජිනල් සැම්සුන් දුරකථන පාවිච්චි කරනවා . මන් කියන්නේ බොරුවට විකුණන ක්ලෝන් ගැන නෙමෙයි . ඔර්ජිනල් කොරියන් ඒ කිව්වේ SHW/SHV වලින් මොඩ්ල් නම්බර් පටන් ගන්න ෆෝන් ගැන . ගොඩාක් වෙලාවට මේ ෆෝන් වල කෝල් ඩ්‍රොප් වෙන අව්ල තිනවා .

3G හා 4G අතර වෙනස.....


SAMSUNG ORIGINAL KOREAN දුරකතනයක් හඳුනාගන්නේ කෙසේද......!!!

ශ්‍රි ලංකාවේ ටික දෙනෙක් නම් මේ ගැන දන්නවා. එත් ගොඩක් අයට Samsung Korean version දුරකතන ගැන පැහැදිලි අවබෝධයක් නැහැ. ඒ අය හිතන්නේ කියන්නේ Korean version, International version එකේ copy (replica) එකක් කියල. සමහර අය Korean version එකට Anycall කියලත් කියනවා.
දැන් අපි බලමු මොනවද මේ Korean version කියලා...........


ROM ( මොනවද මේ Stock ROM හා Custom ROM )

Rom වර්ග දෙකකි

Stock ROM
දුරකථනය මිලදී ගන්නා විටදි ඵහි ස්ථාපනය කර ඇති ඇන්ඩ්‍රොයිඩ් සංස්කරණය මෙසේ හදුන්වනු ලබයි. මෙය දුරකථනය නිශ්පාදනය කරන සමාගම විසින් ඇන්ඩ්‍රොයිඩ් සංස්කරණය ඔවුන්ට අවශ්‍ය පරදි  වෙනස් කර දුරකථනයට අනුකූල වන ලෙස නිර්මාණය කරනු ලබයි.  ( උදා - sony / samsung ).

ෆෝන් එකේ BASEBAND අවුල් ගියාද?

ෆෝන් එකේ BASEBAND අවුල් ගියාද? සිග්නල් එන්නේ නැද්ද? කඩවල් ගානේ රස්තියාදු නොවී අපිම හදා ගනිමු!

අද මම ඔයාලට කියා දෙන්නේ Baseband Unknown, එහෙම නැත්තන් Baseband එක වැරදිලා ෆෝන් එකට සිග්නල් එන්නේ නැතුව ගියොත් හදා ගන්න විදිය ගැනයි.

ඔබේ දුරකතනයේත් IMEI NULL වෙලාද?

ඔබේ දුරකතනයේත් IMEI NULL වෙලාද? එසේ නම් මෙම ලිපිය අනිවාර්යයෙන් කියවන්න

මොකද්ද මේ IMEI නල්???? ඒක ගැන සමහරු නම් අහලත් නැතිව ඇති. නල්(null) කියන්නෙ සිංහලෙන් ශූන්‍යයට.



ඉමි නල් කියන්නේ ස්මාර්ට්පෝන් වලට වැලදෙන රෝගයක්. 5%ත් 8% අතර වගේ මෙම රෝගය වැලදීමේ අවධානමක් ඔබේ පෝන් එකටත් තියෙනවා. මොකද මේක ඔබගේ පාවිච්චියේ වරදක් මත ඇති වන්නක් නොවේ. මේ රෝගයේ දැකිය හැකි රෝග ලක්ෂණ නම්..

පෝන් එකක් root කරන ආකාරය

මම රැට් කරන්න කියා දෙන්නෙ Vroot කියන මෘදුකාංගය මගින්. Vroot කියන්නේ කොරියාවෙ හදපු සොප්වෙයාර් එකක්. මේකෙ ගොඩක් තියෙන්නෙ කොරියන් වලින්. ඒත් බය වෙන්න දෙයක් නැ. අපට ඕනි හැම වචනයක්ම වගේ English ‍වලින් මේකෙ තියෙනව.



අපි මුලින්ම බලමු රැට් කරනව කියන්නෙ මොකක්ද කියල. ඒකෙ තේරැමවත් දන් නැතිව රැට් කැන්න කියා දිල වැඩක් නැනේ. රැට් කලාම වෙන්නෙ අපට පෝන් එකේ දීල තියෙන Limited අයිත්ය අහෝසි වෙලා Administrator බලතල හම්බ වෙන එකයි.


රැට් කලාම අපට තියෙන වාසි
1. පෝන් එකට සිංහල දාගන්න පුලුවන්.
2. අනවශය System app අයින් කරන්න පුලුවන්.
3. Boot animation වෙනස් කරන්න පුලුවන්.
4. පෝන් එක show වෙන එක අඩු කර ගන්න පුලුවන්.
5. අලුත් rom ගහන්න පුලුවන්.

 
loading... මරසියගේ බ්ලොග් අඩවිය