Subscribe For Free Updates!

We'll not spam mate! We promise.

Monday, September 14, 2015

SAMSUNG Original, Anycall, Chinese වෙනස

මම දැක්කා EK එකෙ ගොඩක් තැන්වල කට්ටිය SAMSUNG Original, Anycall, Chinese වෙනස මොකද්ද? අඳුනගන්නෙ කොහොමද කියල අහල තියෙනවා.. 
මම ඕවා ටිකක් අතපත ගාලා තියෙන හින්දා දන්න තරමින් විස්තරයක් මෙතන දාන්නම්, තව වැඩි විස්තර දන්න අය ඉන්නවනම් ඒවත් මෙතන දාන්න..


SAMSUNG Original version ගොඩක් එනවා.. International Version, US/Canada Version, Anycall version & Japan Version තමා මම දන්න ඒවා ටික..
උදාහරණයක් විදිහට Galaxy S2 ගත්තනම් මෙන්න මෙහෙමයි එක එක version වල model numbers එන්නෙ..




හැබැයි දැන් අවුල තියෙන්නෙ මේ original වගේම එන replica වලින් බේරෙන එක.. 

මේවත් original ඒවා වගේම MADE IN KOREA BY SAMSUNG / MADE IN VIETNAM BY SAMSUNG කියලා ගහලා එන්නෙ..

ඉතින් වැඩිය මේවා ගැන දන්නෙ නැති කට්ටිය MADE IN KOREA/VIETNAM කියන එකට රැවටිලා අරගෙන අමාරුවෙ වැටෙනවා..

~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~

හුඟක් Galaxy replica එන්නෙ original වගේම Android OS දාලා.. ඒත් Java දුවන Chinese කෑලිත් තියෙනවා..

Android තියෙන replica එකක් original එකේ market price එකෙන් 50% වගේ තමයි යන්නෙ.. Java ගඩොලක් නම් ගාණ ගොඩක් අඩුයි.

උදාහරණයක් හැටියට Galaxy S3 එක ගත්තනම්, Original එකක් brand-new 55,000-60,000ක් අතර වගේ යන්නෙ..
Android තියෙන replica එකක් 25,000-30,000 අතර යන්නෙ.. Java ගඩොලක් 5000-6000 වගේ තමයි වෙන්නෙ..

Galaxy S4 එකේ Original එකක් brand-new 80,000ක් වගේ යන්නෙ..
Galaxy S4 replica(android) එකක් 35,000-40,000 අතර යන්නෙ..

(Android තියෙන Galaxy replica ඒවත් Chinese made කියලා තමා කියන්නෙ.. Sure නෑ හැබැයි.. )

~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~

Galaxy S3 එකේ replica තමා market එකට වැඩියෙන්ම බැස්සෙ.. ඒක කොච්චර බලපෑවද කිව්වොත්, මිනිස්සු S3 කියන කොට originalද, replicaද නොබලම පස්ස ගහනවා..

මේ තියෙන්නෙ Galaxy S3 original එකක් & replica එකක් තියලා ගත්තු photo එකක්..


1. මේ picture එකේ පෙන්නල තියෙන්නෙ replica එකේ display එක උඩ හරියෙ ගහල තියෙන SAMSUNG කියන එකේ size එක original එකේ size එකට වඩා ටිකක් ලොකුයි.

ඔය replica එකක් අතට ගත්තම පේනවා ඒවයෙ ඔය SAMSUNG කියන එක ගහලා තියෙන්නෙ display glass එකට උඩින්.. නියපොත්තෙන් හීරුවත් මැකෙනවා..


2. Replica අඳුනගන්න පුළුවන් තව ලේසි විදිහක් තමා Baseband Version එකේ මුලට MAUI කියලා කෑල්ලක් තියෙනවා..
මම දැකලා තියෙන හැම Galaxy replica එකකම වගේ ඒක තිබුනා..

(S3 එකේනම් තව වෙනස්කම් ගොඩක් තියෙනවා, හැබැයි මේ දෙක ඇති replica එකක් අඳුනගන්න..)

~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~

Original SAMSUNG අඳුනගන්න ලේසිම ක්‍රමය තමා *#0*# code එක ගැහුවම LCD TEST menu එක එනවද කියලා බලන එක..



හැබැයි මේ code එක සමහර Anycall වලට වැඩ නෑ,ඒ උනත් Anycall අඳුනගන්න පුළුවන් arial එකෙන්..
(මම දන්න විදිහට SHW-M440S [Anycall Galaxy S3 3G phone] එක ඇරෙන්න හැම Galaxy Anycall එකේම arial එක තියෙනවා..)

කැතම වැඩේ කියන්නෙ Galaxy S4 replica වල මේ *#0*# code එක ගැහුවම original වල වගේම LCD TEST menu එකක් එන්න හදලා තියෙන්නෙ.. 

හැබැයි Galaxy S4 replica එකෙත් Baseband Version එකේ මුලට MAUI කියන කෑල්ල තියෙනවා මම දැකලා තියෙනවා. ඒකෙන් අල්ලගන්න පුළුවන් replica එක.. 

~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~

හැබැයි ඔය මොන සෙල්ලම දාලා ආවත් USB Jig එකක් තියෙන්වා නම් ඕනම SAMSUNG phone එකක් originalද, replicaද කියලා check කරගන්න පුළුවන්..

මොකද ඕනම Original SAMSUNG phone එකක් off කරලා USB Jig එක ගැහුවම Download Mode එකට වැටෙනවා..


තව මොනාහරි දැනගන්න තියෙනවනම් මෙතනම අහන්න.. පුළුවන් විදිහට උදව් කරන්නම්.. 

මේක කොහෙන්වත් copy කරපු එකක් එහෙම නෙවෙයි ඕං..
හැබැයි කැමති කෙනෙක් කැමති තැනක දාගත්තට කමක් නෑ, හැබැයි ගත්තෙ ElaKiri.com එකෙන් කියලා දාන්න මතක ඇතුව..

Socializer Widget By Blogger Yard
SOCIALIZE IT →
FOLLOW US →
SHARE IT →

0 comments:

Post a Comment

ඔයාල ලිපි කියවල ඒකෙන් ප්‍රයෝජනයක් ගන්න එක අපිට ලොකු සතුටක්
ඔයාල අද ඇවිත් ආපහු එනවනම් ඒකත් අපට සතුටක්.
ඒත් ඔයාල අදහසක් COMMENT නොකර යන කොට ගොඩක් දුකයි.
හොඳ නරක පෙන්නල දෙනවනම් කොමෙන්ට් එකකින් අදහසක් ඉදිරිපත් කරනවනම්,
ඒක අපිට ලොකු හයියක්.වැරදි හදාගන්නත් අලුත් දේ ලබදෙන්නත් ඒක ලොකු උදව්වක් වේවි.
කොමෙන්ට් එකක් දාල අපිව උනන්දු කරපු හැමෝටම ගොඩක් ස්තූතියි

 
loading... මරසියගේ බ්ලොග් අඩවිය