Subscribe For Free Updates!

We'll not spam mate! We promise.

Saturday, September 12, 2015

3G හා 4G අතර වෙනස.....



ජංගම දුරකතනය මුල් අවදියේදී යොදාගත්තේ එකිනෙකා අතර
කතාබහ කිරීමටයි , නමුත් වසර කීපයකදී මෙය බොහෝසෙයින් වෙනස්ව
ඇත . දැන් ජංගම දුරකතන වලින් ඇමතුම් ගන්නවාට වඩා
ඒවා යොදාගන්නේ SMS කිරීමට , විඩියෝ / වායාරුප ගැනීමට,
චැටි කිරීමට වගේම අන්තර්ජාලයේ සැරිසැරීමටත් . දැන් දුරකතනවල
ජාල වල දියුනුව වන්නේ ද මෙමෙ දත්ත සේවා පැත්තෙන් . 2 වන
පරම්පරාවේ සිට 4 වන පරම්පරාවට එනකොට දත්ත සේවාවල
විෂාල දියුනුවක් ලැබිලා තියනවා . GSM data , GPRS,
EDGE , 3 G ( UMTS ) , HSDPA , HSUPA, HSPA + වැනි විවිද දත්ත
ක්රම මගින් අපිට වේගවත් දත්ත ලබාදෙනවා . මේ අතරට අලුතෙන්ම
ආපු නම තමයි 4 G ( LTE – Long Term Evolution ) මෙයට හේතුව
තමයි මේ වෙනකන් Voice හා දත්ත ( data ) වෙන වෙනම ජාලයේ
පැවතීම. මෙම නිසා 4 G වලදී සියල්ල data ( දත්ත ) මතට ගෙන යෑම
තමයි මෙහිදී සිදුවන්නේ . Long Term Evolution යන්නේ අදහස “ දිගු
කාලීන පරිනාමය ” යන්නයි . ඒ කියන්නේ පැරනි ක්රමවලින්
අලුත් ක්රමයකට මාරු වීම හා දැනට ජංගම දුරකතන
ජාලවල තිය සංකීර්න බව අඩුකරන්න .
දැනට ඇත්තම 4 G ජාල නැත . සියලුම LTE ජල pre - 4 G නොහොත්
4 වෙනි පරම්පරාවට මාරුවෙන්න ඇති ජාල වේ . ජංගම
දුරකතන ජාල සම්මත අනුව මේවා 3 . 75 G ~ 3 . 9 G වේ . ITU
( International Telecommunication Union ) අනුව 4 වන
පරම්පරාවේ LTE Advance ( ITU- R organization අනුව )
ජාලයක දත්ත වේගයන් 1 Gbps විය යුතුයි . ( උපරිමය ) මෙම
ජාල IMT- Advanced ( International Mobile
Telecommunications Advanced ) ලෙස හදුන්වයි . දැන තියන LTE
ජාලවල උපරිම වේගය 100 mbs පමණ වේ .
දැනට දුරකතන ජල සමාගම් වෙලද උපක්රම ලෙස මේ 4 G යන්න
බාවිතා කරයි. මෙම ජාලවලින් ලංකාවේ සමගම්
කියයි 100 mbs වැනි වේගයන් ලබා ගත හැකි බව. pre 4 G
ජාලවල control test environments ( පාලයනන් යටතේ
කරන පරීෂණ ) වලදී මෙම දත්ත වේගය ලබාගත හැක . ඔබට මතක
ඇති මීට වසරකට පමණ පෙර ජංගම දුරකතන සමාගම්
28mbps HSPA + වේගයල් ලබාගත හැකි බව පවසමින් SMS
පනිවුඩ එවුවා . නමුත් මෙම වේගයන් අපිට තවමත් ලැබී නැත . මෙම 4 G
ජල වල වේගයන්ද එවැනියි . සැබෑජීවීතේ මෙම වේගයන් ලබගත
නොහැක. Motorola සමාගම මගින් නිකුත්කල සෑබෑලෝකයේ LTE
පරීෂනයකට අනුව ( Figure 2 ) LTE ජාලයක එක පුද්ගලයෙකුට
ලැබෙන හොදම උපරිම වේගම 8 mbps වෙන අතර . මෙය සියලුම තත්වයන් හොද
මට්ටමක පවතින විට . නමුත් සාමන්ය වේයන් 3 ~ 5 mbps වේ . මේ
දුරකතන සමාගම් 100 mbps කියනේ එක ඇන්ටෙනාවකට
උපරිම දිය හැකි වේගය . මෙම වේගය සම්බන්ද වෙන ග්රහකයන් ගණන් , දුර
වැනි විවිද දේවල් අනුව වෙනස් වේ . එම නිසා දුරකතන සමාගම්
ප්රචාරය කරන වේගයන් සැබෑ වේගයන් නොව උපරිම පරීක්ෂන මට්ටමේ
ලබාගත හැකි වේගයන් වේ . හුදෙක් marketing ( විකීනීම ) සහදා
යොදාගන්න වේගයන් වේ .
copyright Motorola
ඉහත රූපයේ පෙනනේ තමන් කුලුණට කිට්ටුවෙම සිටිනවා නම් හා
ලෙබෙන වේගයන් වගේ , කුළුනෙන් දුරස්වෙන විට ලැබෙන වේගය අඩුවීමත් . ඒ
කියන්නේ තමන්ට ලැබෙන signal ප්රමාණය උපරිම උවද , කුළුනෙන්
දුරස්නම් ලැබෙන වීගයන්ද අඩුවේ .
ලංකාව තුල මෙම කතාව තවත් වෙනස් වේ . Motorola
සමාගම් එම දත්ත නිකුත්කරේ අදාල දුරකතන ජාලය
100 % නිවැරදි ආකාරයෙන් සකස් කර ඇතිනම් . නමුත්
ලංකාව තුල මේ යටිතල පහසුකම් ගොඩක් අඩුයි. දුරකතන
සමාගම් මේවට කරන වියදම අඩුයි. මොකද මෙම LTE වලට මරූ වීම්
සිදුවන්නේ දුකරන සමාගම් හා දුරකතන ජාල උපකරන
සපය සමාගම් වලට උපකරන බදුදීම මගින් . උපකරන අලුත් කිරීම
දුරකතන සමාගම වැයකරන්න වෙන්නේ පොඩි මුදලක් නමුත් යටිතල
පහසු කම් සහදහා විෂාල මුදලක් වැය කරන්න සිදුවෙනවා .
මුල්ම යටිතල පහසුකම තමයි , සෑම කුළුනකටම fiber -
optics ( ප්රකාෂන තන්තු) වලින් සම්බන්ද තා තිබිය යුතුයි .
දැනට බොහෝමයක් කුළුණු සම්බන්ද වනේ radio link හරහා . මේවා
බොහෝ විට E 1 දෙකක් හෝ තුනකි . ( E 1 = 2 mbps ) මෙය හේතුව radio
link වල ඇති limitations. දැනම HSDPA වල වේ ගයන්ත් ගොඩක් පිට
පලත්වල අඩුවීම මෙය එක් හේතුවක් වේ . LTE වලට මාරුවීමේදී
කුළුනකට අඩුම තරමේ 200 mbps වත් වේගයක් ඇති
සම්බන්දතාවයක් තිබිය යුතුයි . නමුත් මෙය ලංකාව තුල කවද
වේ ද කියන එක ලොකු සැකයක් . මොකද හැම කුළුනකටම fiber ඇදීමට
දැනට කිසිම දුරකතන සමාගමකට හැකියාවක් නෑ . මොකද මේ
සදහා විෂාල වියදමක් කල යුතු නිසා. දැනට switching
හා up - link station අතර fiber තිබ්ණද කුළුනු වල්ට නෑත . ( මේ
ගැන මගේ පරණ බ්ලොග් වල කතා කරලා තියනවා . )
wimax පිට පලාත්වල වියාප්ත වෙන එක අඩුද මේ fiber to
tower නැතිවීමයි.
ඉලග ගැටලුව එක කුළුනකට් සම්බන්ද වන ග්රහකයන් ප්රමාණය .
ග්රහකයන් වැඩිවෙනකොට කුළුනු ප්රමානය වැඩිකරමින් එක කුළුනකට
ග්රහකයන් ප්රමානය අඩුකල යුතුයි . නැතිනම් radio channel
මදිවීම, tower එක ලබාදිය හැකි දත්ත වේගයන් අඩුවීම වගේ
වෙනවා. නමුත් මේ කුළුනු ගහන එකත් කරන්නේ නෑ . ඒක නිසා
තමයි සමහර ප්රදේෂවල දවල්ට data speed හොදට තිබිලා රෑට
අඩුවෙන්න . නැතිනම් කොළබ නම් රෑට හොද වෙලා දවල්ට අඩුවෙන්නේ .
LTE වලත් තමන් සිටින තැන අනුව තමන්ට ලැබෙන සේවය වෙනස්
වෙනවා. HSPA මෙන් කොලබදි හොද වේගය ලැබිලා නුවරදි නැතිවෙන්න
පුලුවන්. ඉතින් මේ සියල්ල රදාපවතිනේ කොචර හොද යටිතල පහසුකම්
තියනවාද කියන එක මතයි .
LTE වලදි අපේ පරණ phone හා internet modems
බාවිතා කරන්න පුලුවන්ද ? බෑ , LTE සදහා අලුතෙන් මේ
සියල්ල මිලදී ගතයුතුයි . LTE තාක්ෂනය අතින් ඉදියෙන් සිටී, radio
channel හොදින් පාලනය වීම වගේම QoS ( Quality of Service )
HSPA ජාලමෙන් නොව හරියාකාරව බාවිතා කරන්න
පුලුවන්. මමගින් දත්ත සේවාවන් වල ගුනාත්මක බව වගේම එක
එක පුදගලයාට ලැබෙන වේගය පවා පාලනය කරන්න
පුලුවන්. MIMO ( multiple - input and multiple - output) වැනි
ඇන්ටෙනා තාක්ෂන යොදාගෙන මෙය ගොඩක් හොද සේවාවක්
ලැබෙන ලෙස සකස්න්න පුලුවන් . ඒ වගේම latency ( දත්ත ගමන්කිරීමට
ගතවන කාලය ) බෝහෝ ලෙස අඩුවෙන නිසා මෙය game ගහන අයට
හොද දෙයක් වේ . ඒ වගේම අපිට HSPA වල දැකපු , වෙබ් පිටුවක් ලින්ක් එකක්
click කරලා එම පිටුව open වෙන්න යන්න වෙලාව ( Idle to
active State ) සමහර අය දැකලා ඇති මොඩම් එක UTMS
වෙලා HSPA වෙන එක. නමුත් LTE වල මෙම ගැටලුව නෑ . LTE සෑම
විට එකම සම්බන්ද වී සිටින නිසා එවැනි ගැටලු දකින්න ලැබෙන්නේ නෑ .
කොහොම උනත් ලංකාවේ තත්වය අනුව 2 mbps වේගය ලැබුනොත් ඔබ
වාසනා වන්තයි , එම නිසා දුරකතන සමාගම් වල බොරු
නොම්මර වල්ට රැවටෙන්න නැතුව හොදට හිතලා බලන්න. සමහර විට
ඔබට HSPA වලින් LTE වඩා වේගයක් එන්න පුලුවන්

Socializer Widget By Blogger Yard
SOCIALIZE IT →
FOLLOW US →
SHARE IT →

0 comments:

Post a Comment

ඔයාල ලිපි කියවල ඒකෙන් ප්‍රයෝජනයක් ගන්න එක අපිට ලොකු සතුටක්
ඔයාල අද ඇවිත් ආපහු එනවනම් ඒකත් අපට සතුටක්.
ඒත් ඔයාල අදහසක් COMMENT නොකර යන කොට ගොඩක් දුකයි.
හොඳ නරක පෙන්නල දෙනවනම් කොමෙන්ට් එකකින් අදහසක් ඉදිරිපත් කරනවනම්,
ඒක අපිට ලොකු හයියක්.වැරදි හදාගන්නත් අලුත් දේ ලබදෙන්නත් ඒක ලොකු උදව්වක් වේවි.
කොමෙන්ට් එකක් දාල අපිව උනන්දු කරපු හැමෝටම ගොඩක් ස්තූතියි

 
loading... මරසියගේ බ්ලොග් අඩවිය