Subscribe For Free Updates!

We'll not spam mate! We promise.

Saturday, September 12, 2015

Samsung Galaxy S3 SHV-E210k Custom Rom

★ D.A ROM™ ★ NOTE4_S5 FOR SHV-E210K!!!! දැනට තිබෙන හොඳම කස්ටම් රොම් එක.

දුරකථනය සඳහා දැනට නිපදවා ඇති හොඳම රොම් එක මෙය වන අතර මෙය නිපදවා ඇත්තේ ශ්‍රී ලංකාවේම අපේ සහොදරයෙක් වන Dileepa Anuradha Perera විසිනි. ඔහුට Lanka Soft හි ආචාරය පුද කරනවා.


දැන් මේ රොම් එක මොන වගේ එකක්ද කියල බලමු.

මුලින්ම කියන්න ඕනි මේ රොම් එක වැඩ කරන්නෙ SHV-E210k මොඩල් එකට විතරයි.

  • මේ රොම් එක කොරියන් ස්ටොක් රොම් එකට ගොඩක් වෙනස් විදිහට තමයි හදල තියෙන්නෙ. 
  • කොරියන් රොම් එකේ තියෙන අපිට ඕනි නැති කොරියන් ඇප් ඔක්කොම අයින් කරල තියනවා. 
  • රොම් එක රෑට් කරලමයි එන්නෙ ඒ නිසා අපි රෑට් කරන්න ඕනි නෑ. 
  • USSD කෝඩ් වැඩ කරනවා. 
  • SMS Dilavery Report වැඩ කරනවා.

    දැන් මේ රොම් එක දාන්නෙ කොහොමද කියල බලමු

    • ඉස්සල්ලාම බලන්න ෆෝන් එකේ මොඩල් එක SHV-E210k ද කියලා.
    • යට තියෙන ලිංක් එකෙන් රොම් එක ඩවුන්ලෝඩ් කරගන්නකො.
    • ඩවුන්ලෝඩ් කර ගෙන Extract කර ගන්න
    • පාස්වර්ඩ් එක pereradileepae210knote4v
    • මේ රොම් එක දාන්න නම් Official Kit Kat Update එක දාල තියෙන්න ඕනි. එහෙම තැතුව නම් මේ රොම් එක දාන්න එපා
    • Official Kit Kat Update දාන්නෙ කොහොමද කියල ඊළඟ පෝස්ට් එකෙන් කියන්නම්.
    • දැන් රොම් එක Extract කරගත්ත අය ඒක පැත්තකින් තියලා Odin3.07 කියන සොෆ්වෙයා එක ඩවුන්ලෝඩ් කරන්න ලින්ක් එක යට දාලා තියෙනවා ඒකෙන් තමයි අපි රොම් එක ගහන්නෙ.
    • දැන් ෆෝන් එක අතට අරගෙන වැදගත් දේවල් එහෙම තියනවානම් Backup කරගත්තනම් හොඳයි මොකද මේ රොම් එක දාල ඉවර වෙලා අපි Factory Reset කරන්න ඕනි.
    • මේක කරන්න කලින් ෆෝන් එකේ එක 50% තිබුනොත් තමයි ගොඩක් හොඳ.
    • දැන් ෆෝන් Off එක කරල Download mode එකට යන්න ඕනි. Download mode එකට යන්න ෆෝන් එක ඕෆ් කරල Volume Down + Home + Power බටන් 3 ඔබා ගෙන ඉන්න Galaxy s3 logo ආවට පස්සෙ ඔබන එක නවත්තන්න ඊට පස්සෙ කොරියන් අකුරැ වලින් මෙනු එකක් එයි ඊට පස්සෙ Volume Up බටන් එක ඔබන්න 


    • දැන් ෆෝන් එක Data Cable එකෙන් Computer එකට Connect කරන්න.
    • ආ..... මට කියන්න අමතක උනා Samsung Kies සොෆ්ටිවෙයා එක දාලා තියෙන්න ඕනි. හැබැයි මේක කර වෙලාවට Samsung Kies රන් වෙන්න බෑෑෑ.
    • Computer එකට Connect කරල ඉවරනම් මම දුන්නු Odin3.07 සොෆ්ට්වෙයා එක instrall කරල open කරන්න
    • එතකොට මෙහෙම වැටෙන්න ඕනි.


    • මෙහෙම වැටුනනම් ඊට පස්සෙ PDA කියන බටන් එක ඔබලා එතෙන්ට Extract කරපු රොම් එක දෙන්න. 

    • මෙහෙම වැටුනනම් Start කියන බටන් එක ඔබන්න.


    • ඊට පස්සෙ එන මෙනු එකෙන් Factory reset/Wipe cache එකක් කරල Reboot කරන්න
    • මේ තියෙන්නෙ රොම් එකේ පින්තූර.




    • දැන් Download  කරගන්නකෝ 






    කට්ටිය නිකන්ම යන්නෙ නැතුව Comment දාගෙනම යන්න.....!!!


    Socializer Widget By Blogger Yard
    SOCIALIZE IT →
    FOLLOW US →
    SHARE IT →

    5 comments:

    ඔයාල ලිපි කියවල ඒකෙන් ප්‍රයෝජනයක් ගන්න එක අපිට ලොකු සතුටක්
    ඔයාල අද ඇවිත් ආපහු එනවනම් ඒකත් අපට සතුටක්.
    ඒත් ඔයාල අදහසක් COMMENT නොකර යන කොට ගොඩක් දුකයි.
    හොඳ නරක පෙන්නල දෙනවනම් කොමෙන්ට් එකකින් අදහසක් ඉදිරිපත් කරනවනම්,
    ඒක අපිට ලොකු හයියක්.වැරදි හදාගන්නත් අලුත් දේ ලබදෙන්නත් ඒක ලොකු උදව්වක් වේවි.
    කොමෙන්ට් එකක් දාල අපිව උනන්දු කරපු හැමෝටම ගොඩක් ස්තූතියි

     
    loading... මරසියගේ බ්ලොග් අඩවිය