Subscribe For Free Updates!

We'll not spam mate! We promise.

Saturday, September 12, 2015

ඔබේ ජංගම දුරකතනය , වතුරට වැටුන විට කල යුතු හොදම දේවල් පිළිබදව , හරියටම දැන ගන්න. [ How To Save Or Recover Mobile Phone Or Mobile Smart Phone After Fallen To Water. ]

අද වන විට ජංගම දුරකතන භාවිතා කිරිම , බෙහෙවින් වැඩි වෙල තියේනවා. මේ ජංගම දුරකතන වලිනුත් වැඩි හරියක් තියේන්නේ ස්මාට් ජංගම දුරකතන.


කොමහරි , සාමාන්‍ය ජංගම දුරකතනයක් තිබුනත් , ස්මාට් ජංගම දුරකතනයක් තිබුනත් , ඒක හදිස්සියේම වතුරකට වැටුනෝත් මොකද කරන්නේ ??

අන්න , ඒ විධියට ඔබේ ජංගම දුරකතනය වතුරකට වැටුනෝත් , කරන්න ඕන හොදම දේවල් ටික තමයි , මේ පහලින් කියල තියේන්නේ.


මේ පහලින් කියල තියේන දේවල් , ඔබේ ජංගම දුරකතනය වතුරට වැටුන ගමන්ම වගේ , හරියටම කරෝත් ජංගම දුරකතනය බේර ගන්න පුලුවන් වෙවි.

1 ) ජංගම දුරකතනය Off වෙලානම් On කරන්න එපා.

2 ) තාමත් ජංගම දුරකතනය On නම් , හොලවන්නේ නැතිව Off කරන්න.

3 ) ජංගම දුරකතනය ගොඩක් හොලවන් නැතිව බැටරිය ගලවන්න.










4 ) තුවායක් අරන් හොදින් වතුර පිහිදාන්න. ගලවන්න පුළුවන් පොඩි කොටස් ගලවලා වතුර පිහිදාන්න.
( එහම කියල ජංගම දුරකතනයේ ඇතුලේ තියේන Circuit එක වගේ බරපතල කොටස් ගලවල පිහි දාන්න එපා. )
[ Battery එක , Sim එක , Memory Card එක වගේ පොඩි කොටස් විතරක් ගලවලා වතුර පිහිදාන්න. ]







5 ) වතුර ඉවත් කරන්න කියලා , ජංගම දුරකතනය වේගෙන් හොලවන්න එපා. හුලන් පිබින්න එපා. එහම කරෝත් වතුර ජංගම දුරකතනය පුරාම යනවා.
ඒ වගේම වතුර වෙලන්න කියලා Heater , Hairdryer අල්ලන්න එපා.
ඒ කිව්ව වගේ දේවල් කරාම , වතුර වාෂ්ප වුනාට , ඊට කලින් Display එක, Speaker, Keypad උණුවෙලා ජංගම දුරකතනයට ගොඩාක් හානි සිදු වෙනවා. ( ඒ දේවල් වලින් Speaker , Keyboard වගේ ඒවට හානි සිදු වෙනව කිව්වාම තේරේනවනේ. මේවට හානි සිදු වුනාම , අයේත් ඒවා අලුතින් දාන්න වෙනවා. ඒ අර වතුරට වැටුන පසු නොකල යුතු වැඩක් කල නිසයි. ඒ නිසා වතුර වෙලන්න කියලා Heater , Hairdryer අල්ලන්න එපා.

6 ) දැන්ම , ජංගම දුරකතනය On කරන්න එපා.
වතුර පුළුවන් තරම් පිහිදලා ඉවර වෙලා , පොඩි භාජනයක් අර ගෙන , ඒකට ගෙදරින් හෝ වෙනත් තැනකින් හාල් ටිකක් අර ගෙන දාන්න.

7 ) දැන් , ඒ දාපු හාල් ටිකට උඩින් ඔබේ ජංගම දුරකතනය තියල , නැවතත් හාල් ටිකක් අරන් ඔබේ ජංගම දුරකතනය වැහේන විධියටම දාන්න.
මේ විධියටම ජංගම දුරකතනය , පැය කිපයක් හාල් වලින් වහලා තියන්න. ( පැය 4ත් - 5ත් අතර කාලයක් නම් ගොඩාක් හොදයි. )
[ මේ විධියට කරාම හාල් වලින් වතුර ගොඩක් උරා ගන්නවා. ]

මේ පහලින් තියේන පින්තුර වල ජංගම දුරකතනය , හාල් වලින් භාගේට වගේ වහල තියේන්නේ , පින්තුරය ටිකක් විතර , ඔබට පැහැදිලිව පෙනිය යුතු නිසයි.

ඒ නිසා , මේ පින්තුර වල වගේ ජංගම දුරකතනය , හාල් වලින් භාගේට නම් වහන්න එපා.
එම නිසා , ඔබේ ජංගම දුරකතනය , හාල් වලින් වැහේන විධියටම දාන්න.







8 ) පැය කිපයකින් පස්සේ ජංගම දුරකතනය On කරලා බලන්න.
දැන් , ඔබේ සාමාන්‍ය ජංගම දුරකතනය හෝ ස්මාට් ජංගම දුරකතනය පෙර පරිදිම හොදට සුපිරියටම වැඩ කරයි.

සැ.යු. - මේ උඩින් කියල තියේන දේවල් , ඔබේ ජංගම දුරකතනය වතුරට වැටුන ගමන්ම වගේ , හරියටම කරෝත් ජංගම දුරකතනය බේර ගන්න පුලුවන් වෙවි.

සැ.යු. - ඒ වගේම , අනිවාරේන්ම , ඔබේ ජංගම දුරකතනයේ මුකුත් අවුලක් නැද්ද කියල හරියට තහවුරු කරගන්න , දැන ගන්න , ලගම තියේන ජංගම දුරකතන හදන තැනකට අරන් යන එකත් ගොඩක් හොදයි.

සැ.යු. - ඒ වගේම , ජංගම දුරකතනය වහල තියන්න භාවිතා කරපු ඒ හාල් ටික භාවිතා කරන්නේ නැති නම් ගොඩක් හොදයි කියලයි , අපි හිතන්නේ. මොකද , ඒ හාල් ගනුදෙනු කරේ ඉලේක්ට්‍රෝනික උපාන්ගයක් එක්කනේ. ඒ නිසා භාවිතා නොකරන එක , හැමෝටම හොදයි.

Socializer Widget By Blogger Yard
SOCIALIZE IT →
FOLLOW US →
SHARE IT →

0 comments:

Post a Comment

ඔයාල ලිපි කියවල ඒකෙන් ප්‍රයෝජනයක් ගන්න එක අපිට ලොකු සතුටක්
ඔයාල අද ඇවිත් ආපහු එනවනම් ඒකත් අපට සතුටක්.
ඒත් ඔයාල අදහසක් COMMENT නොකර යන කොට ගොඩක් දුකයි.
හොඳ නරක පෙන්නල දෙනවනම් කොමෙන්ට් එකකින් අදහසක් ඉදිරිපත් කරනවනම්,
ඒක අපිට ලොකු හයියක්.වැරදි හදාගන්නත් අලුත් දේ ලබදෙන්නත් ඒක ලොකු උදව්වක් වේවි.
කොමෙන්ට් එකක් දාල අපිව උනන්දු කරපු හැමෝටම ගොඩක් ස්තූතියි

 
loading... මරසියගේ බ්ලොග් අඩවිය